ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය සිය 74 වන සංවත්සරය සමරයි.
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය 2025 සැප්තැම්බර් 01වන දින සිය 74 වන සංවත්සරය සමරන ලදී. එහි අභිමානවත් ඉතිහාසය සහ ජාතියේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ අඛණ්ඩ කාර්යභාරය පිළිබිඹු කරන සිදුවීම් මාලාවක් සමඟිනි. 1951 දී රාජකීය ලංකා ගුවන් හමුදාව පිහිටුවීමත් සමඟ මෙම පක්ෂාංගය ගුවන් හමුදාවේ පළමු සහ එකම පියාසර පුහුණු ආයතනය වන අතර එය ‘ගුවන් හමුදා නියමුවන්ගේ තොටිල්ල’ ලෙස පිළිගැනේ.

පසුගිය දශක හත තුළ පක්ෂාංගය ගුවන් නියමුවන් 500 කට වැඩි පිරිසක් සහ ගුවන් ගමනාගමන පාලන නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවක් බිහි කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගතය හැඩගැස්වීමේදී මෙම පක්ෂාංගය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පුහුණුව මුලින්ම චිප්මන්ක් ගුවන් යානයෙන් ආරම්භ වූ අතර එතැන් සිට පුළුල් පරාසයක ගුවන් යානා දක්වා ව්‍යාප්ත වී ඇත. අද වන විට, පක්ෂාංගය මූලික සහ අතරමැදි පියාසර පුහුණුව සඳහා භාවිතා කරන PT-6 සහ Cessna 150 ගුවන් යානා ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේහි විශාලතම පුහුණු බලඇණි වලින් එකක් ක්‍රියාත්මක කරයි.

මෙම වසරේ සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ප්‍රජා සේවා ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරන ලදී. 2025 අගෝස්තු 21 වන දින චීන  වරාය විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන  පසුව බෝධි පූජා පිංකමක් පවත්වන ලදී. 2025 අගෝස්තු 29 වන දින පක්ෂාංගයේ නිලධාරීන් සහ ගුවන් භටයින් ත්‍රිකුණාමලයේ රේවත ළමා නිවාසයට ගොස් එහිදී ඔවුන් දරුවන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තෑගි සහ පාසල් උපකරණ බෙදා දෙන ලදී.

2025 සැප්තැම්බර් 01 වන දින පක්ෂාංග පරිශ්‍රයේ දී සම්ප්‍රදායික පෙළපාලිය සමඟ සංවත්සර දිනය සැමරන ලදී. එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසන්න ද සිල්වා නිලධාරිතුමන් විසින් පරීක්ෂා කරන ලදී. සේවය සහ පක්ෂාංගයේ සංවර්ධනය සඳහා අඛණ්ඩ කැපවීම සංකේතවත් කරමින් ගස් සිටුවීමේ උත්සවයක් ද පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි