ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු හි අලගපුරි ප්‍රාථමික පාසලේ සිසුන් සඳහා ගුවන් සේවා පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන ලදී.
අලගපුරි ප්‍රාථමික පාසලේ සිසුන් සඳහා ගුවන් සේවා පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් 2025 සැප්තැම්බර් 01වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. ගුවන් සේවා සඳහා සිසුන්ගේ උද්යෝගය ඇති කිරීම අරමුණු කරගත් අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ජයරත්න අමරසිංහ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිසුන්ගේ ගුවන් සේවා සඳහා ඇති උද්යෝගය ඇති කිරීමයි.

විදුහල්පති සහ ගුරුවරුන් සමඟ සිසුන් හැත්තෑ හත් දෙනෙකු කඳවුරු පරිශ්‍රයට පැමිණියහ. සංචාරය අතරතුර බෙල් 212 හෙලිකොප්ටරයක් නිරීක්ෂණය කිරීමට සහ මූලික ගුවන් සේවා සංකල්ප පිළිබඳ සරල දැනුවත් කිරීමකට සහභාගී වීමට දරුවන්ට අවස්ථාව ලබා දෙන ලදී.

මෙම වැඩසටහන මගින් දුෂ්කර ප්‍රදේශ වල සිසුන්ට තරුණ වියේදී ගුවන් සේවා පිළිබඳ උනන්දුවන්නන්හට දුර්ලභ හා වටිනා අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි