ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර 74 වන සංවත්සරය සමරයි.
කටුනායක ගුවන් හමුදා කඳවුර 2025 සැප්තැම්බර් 01 වන දින ජාතිය වෙනුවෙන් කැපවූ වසර 74 ක සේවය සැමරන ලදී. චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් සැමරුම් ආරම්භ විය. එය ගෲප් කැප්ටන් සංජය එදිරිසිංහ නිලධාරිතුමන් විසින් අණදෙන ලදී. කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර නිලධාරිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.
පෙළපාළිය අතරතුර, කඳවුරු අණදෙන නිලධාරී විසින් බලපන්ති සැරයන් කපුරුගේ ආර්එම් (එයාර් ප්‍රේම් විශේෂඥ) සහ කෝප්‍රල් මධුසංක එම්ඒඑස් (ගිනි නිවන භට II) යන දෙදෙනාගේ විශිෂ්ට හා ආදර්ශමත් සේවය අගයමින් ගුවන් හමුදාපති විසින් නිකුත් කරන ලද ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.
සංවත්සර සැමරුමට සමගාමීව 2025 අගෝස්තු 19 වන දින සාර්ථක ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඇතුළුව උත්සව කිහිපයක් සංවිධානය කරන ලදී. ඒ සදහා කඳවුරේ පරිත්‍යාගශීලීන් 100 කට වැඩි පිරිසක් සහභාගී විය. 2025 අගෝස්තු 26 සිට 28 දක්වා පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ගුවන් හමුදා රෝහල් පරිශ්‍රයේ සහ කඳවුර තුළ ඇති ආගමික ස්ථානවල වටපිටාව පිරිසිදු කිරීම හා අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපාර මාලාවක් ද පවත්වන ලදී.
ඊට අමතරව කඳවුරේ සියලුම නිලධාරීන්ගේ සහ අනෙකුත් නිලයන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් සේවා පුද්ගලයින් අතර සුහදතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රිකට් සහ නෙට්බෝල් තරඟ පවත්වන ලදී.