බංග්ලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය - ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
බංග්ලාදේශයේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSC&SC) සාමාජිකයින් 51 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් 2025 සැප්තැම්බර් 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. දූත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ගෲප් කැප්ටන් සලාහුදීන් අහමඩ් මහතාය.

දූත පිරිසේ ප්‍රධානී ගෲප් කැප්ටන් සලාහුදීන් අහමඩ් මහතා සහ සාමාජිකයින් කිහිප දෙනෙකු ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩෙමියන් වීරසිංහ නිලධාරිතුමන් හමු විය. එහිදී මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මක සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.

වින්ග් කමාන්ඩර් තරිඳු කොඩිතුවක්කු නිලධාරිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, පශ්චාත් ගැටුම් භූමිකාව සහ අභියෝග පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතා, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර වීරරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සැසියට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි