ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාව සහ වෛද්‍ය නවීකරණය දියුණු කිරීම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “පැසිෆික් ඒන්ජල්” අභ්‍යාසය අවසන් විය.
කලාපීය ආරක්ෂක සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව 2025 සැප්තැම්බර් 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී “පැසිෆික් ඒන්ජල්” අභ්‍යාසය – 2025 සාර්ථකව අවසන් කරන ලදී. 2025 සැප්තැම්බර් 08 සිට 12 දක්වා පැවති මෙම අභ්‍යාසය සඳහා එක්සත් ජනපද පැසිෆික් හමුදා, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකාය, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය සහ බංග්ලාදේශ ගුවන් හමුදාව ප්‍රධාන සහභාගිවන්නන් ලෙස එක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ ක්‍රියාකාරී දායකත්වය ද ලැබුණි. සෙවීම් සහ මුදාගැනීමේ (SAR) සහ මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) හැකියාවන් වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම අභ්‍යාසය තුලින් අවධානය යොමු කරන ලදී.
ගුවන් යානා නඩත්තු කිරීම, සෙවීම් සහ මුදාගැනීම, වනාන්තර දිවි ගලවා ගැනීම, ගුවන් වෛද්‍ය රෝගීන්ගේ මුදාගැනීම, සමූහ අනතුරු ප්‍රතිචාර සහ ගුවන් ප්‍රවාහන මෙහෙයුම් ආවරණය වන පරිදි විෂය කරුණු පිළිබඳ විශේෂඥ හුවමාරු (SMEE) අටක් මෙම අභ්‍යාසයට ඇතුළත් විය. කටුනායක ගුවන් හමුදා කඳවුර, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සහ අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන ලද පුහුණුව, කලාපීය සූදානම සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා සහභාගිවන්නන්ට ප්‍රායෝගික කුසලතා ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි චුන්ග් මහත්මිය මෙම අභ්‍යාසයේ වැදගත්කම අවධාරණය කළාය: “පැසිෆික් ඒන්ජල් 25 යනු මෙම වසරේ ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන විශාලතම බහුපාර්ශ්වික අභ්‍යාසය වන අතර අපගේ ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් සමඟ උරෙන් උර ගැටී සිටීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ආපදා ප්‍රතිචාරයේ සිට මානුෂීය අර්බුද දක්වා සැබෑ ලෝක අභියෝග සඳහා අපි එක්ව සූදානම් වන ආකාරය සහ කලාපය පුරා සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීමට සහයෝගීතාවය අපගේ සාමූහික හැකියාව ශක්තිමත් කරන ආකාරය මෙම අභ්‍යාසය මගින් පෙන්නුම් කරනු ලබයි. අද අප එක්ව ගොඩනඟන දෙය හෙට දවසේ බෙදාගත් ආරක්ෂාව සඳහා පදනමකි.”
ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර හැකියාවන් වැඩි දියුණු කිරීමේදී කලාපීය ගුවන් හමුදාවන්ගේ වැදගත් දායකත්වය ඉස්මතු කළ පැසිෆික් ඒන්ජල් - 25 අභ්‍යාසයට සහභාගී වන සියලුම ජාතීන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන ලදී. මෙම අභ්‍යාසය ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය සහ දැනුම බෙදාගැනීම ශක්තිමත් කරන බවත්, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතා සම්බන්ධතාවය පිළිබිඹු කරන බවත් ඔහු සඳහන් කරන ලදී. එවැනි කටයුතු ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට, අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට සහ කලාපයේ සාමය හා ස්ථාවරත්වයට දායක වීමට වැදගත් අවස්ථාවක් සපයන බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැසිෆික් ඒන්ජල් 25 සම සත්කාරකත්වය දැරීමට ලැබීම ගැන ආඩම්බර වන අතර එය කලාපීය ගුවන් හමුදාවන් අතර සහයෝගීතාවය සහ දැනුම බෙදාගැනීම දිරිමත් කරන අතරම සෙවීම් සහ ගලවා ගැනීමේ සහ ගුවන් සේවා මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා වැදගත් අවස්ථාවක් සපයයි. මානුෂීය සහ ආරක්ෂක අභියෝග එකට මුහුණ දීමේදී ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් අතර සහයෝගීතාවය ද මෙම අභ්‍යාසය තුලින් ඉහල නන්වනු ලබයි.”
පැසිෆික් ඒන්ජල් 2025 සමාප්ති උත්සවයට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි චුන්ග්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ සහභාගී වන ජාතීන් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.
පැසිෆික් ඒන්ජල් 2025 අභ්‍යාසයට සමගාමීව, බස්නාහිර පළාතේ අකරගම ප්‍රාදේශීය රෝහල සිවිල්-හමුදා සහයෝගීතා (CIMIC) මුලපිරීම් යටතේ සැලකිය යුතු නවීකරණයකට ලක් කරන ලදී. ඒ සඳහා රුපියල් මිලියන 40 ක මුළු වියදමක් දැරීය. රුපියල් මිලියන 8.8 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ද සපයන ලද මෙම ව්‍යාපෘතිය, එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ඒකාබද්ධව සිදු කරන ලදී. එමඟින් දේශීය ප්‍රජාවට දිගුකාලීන ප්‍රතිලාභ හිමි විය. මෙම ප්‍රතිසංස්කරණයේ පළමු අදියර සංකේතාත්මකව නිම කිරීම 2025 සැප්තැම්බර් 12 වන දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි චුන්ග්ගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සනිටුහන් කරන ලදී.

Pacific
Angel 2025 Closing
Ceremony
CIMIC
initiative