2025 ජාතික පෙන්ටැත්ලෝන් අභියෝගය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වී විශිෂ්ඨ දස්කම් දක්වයි.
2025 සැප්තැම්බර් 13 වන දින බණ්ඩාරගම පර්ල් බේ ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික පෙන්ටැත්ලෝන් අභියෝගය 2025 සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී විය. ශ්‍රී ලංකා නූතන පෙන්ටැත්ලෝන් සම්මේලනය (MPFSL) විසින් සංවිධානය කරන ලද මෙම ඉසව්ව සදහා පිහිනුම්, වැට, බාධක, දිවීම සහ වෙඩි තැබීම යන අංශ පහක් ඇතුළත් විය.

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩ කිහිපයක් ඔස්සේ සුවිශේෂි දස්කම් දැක්විය. ෆ්ලයින් ඔෆිසර් ඉසිවරුණ ද සිල්වා ජ්‍යෙෂ්ඨ පිරිමි කාණ්ඩය දිනා ගනිමින් රන් පදක්කම දිනා ගත් අතර නායක ගුවන් භට සේනාරත්න එම්එන්පී එම කාණ්ඩයේම ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

ජ්‍යෙෂ්ඨ කාන්තා කාණ්ඩයේ ගුවන් හමුදා තරඟකරුවන් ද දක්ෂතා දක්වන ලදී. නායක ගුවන් කාන්තා දසනායක එල්.කේ.ජී.කේ.කේ රන් පදක්කම දිනා ගත් අතර නායක ගුවන් කාන්තා රත්නතිලක ආර්.ඒ.එස්.එන් රිදී පදක්කම දිනා ගන්නා ලදී.

මෙම ඉසව්ව 2025 නොවැම්බර් 9 සිට 17 දක්වා ජපානයේ ඇන්ජෝ හිදී පැවැත්වීමට නියමිත 2025 ආසියානු නූතන පෙන්ටැත්ලෝන් ශූරතාවලිය සඳහා තෝරා ගැනීමේ අත්හදා බැලීමක් ලෙසද ක්‍රියාත්මක විය. මෙම ප්‍රතිඵල මගින් ජාත්‍යන්තර මට්ටම නියෝජනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශක්තිමත් ඒ සදහා සුදුසු ස්ථානයක සිටී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි