ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු අංශය 16 වන සංවත්සරය සමරනු ලබයි.
2009 සැප්තැම්බර් 20 වන දින ආරම්භ කරන ලද කටුනායක ගුවන් හමුදා කඳවුරේ රේඩාර් නඩත්තු අංශය (RMW)  2025 සැප්තැම්බර් 20 වන දින සිය 16 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් ආරක්ෂක ජාලය තුළ රේඩාර් පද්ධති සඳහා මධ්‍යම නඩත්තු ආයතනය බවට මෙම පක්ෂාංගය වර්ධනය වී ඇත.

මෙම අවස්ථාව සැමරීම සඳහා පක්ෂාංග පරිශ්‍රයේදී සම්ප්‍රදායික සංවත්සර දින වැඩ පෙළපාලියක් පවත්වන ලදී. එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජී.එච්.එස්.ඩී අමරබන්දු නිලධාරිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.

සැමරුම් උත්සවයට සමගාමීව පක්ෂාංගය මිනුවන්ගොඩ පිහිටි ‘මහෝසු’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට අණදෙන නිලධාරීතුමන් ඇතුඵ අනෙකුත් නිලධාරීන් සහ රේඩාර් නඩත්තු අංශයේ සියලුම කාර්ය මණ්ඩලය සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි