2025 ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය දක්වන ලදී.
‘පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන’ සමඟ සහයෝගයෙන් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) ‘ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය 2025’ සැමරීම සඳහා ජාතික වැඩසටහන 2025 සැප්තැම්බර් 20 වන දින පානදුර වෙරළ තීරයේදී ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දියත් කරන ලදී.

දිවයින පුරා ප්‍රජාවන් සංරක්ෂණ කටයුතු සඳහා බලමුලු ගන්වමින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි. විශ්ව විද්‍යාල, පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික සංවිධාන සහ මහජනතාව නියෝජනය කරන දහස් ගණනක් ස්වේච්ඡා සේවකයින් මෙම වැඩසටහනට ක්‍රියාකාරීව සම්බන්ධ විය.

ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා යොදවා ගනිමින් සිය සහයෝගය ලබා දෙන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් නියෝජනය කරමින්, වෙරළ සංරක්ෂණ ප්‍රයත්නය සඳහා අනෙකුත් සේවාවන් සහ ස්වේච්ඡා සේවකයින් සමඟ එක්වෙමින් මෙම වැඩසටහනට ක්‍රියාකාරීව සහභාගී විය. 2025 සැප්තැම්බර් 20 සිට 26 දක්වා සතියට සමගාමීව වෙරළබඩ දිස්ත්‍රික්ක 14 පුරා පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම්  සංවිධානය කරඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි