ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි.
ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කුමාර් ත්‍රිපාති මහතා  2025 සැප්තැම්බර් 22 වන දින  ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි නිලධාරිතුමන් විසින් අද්මිරාල් ත්‍රිපාති මහතා පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා වර්ණ  පක්ෂාංශය විසින් පිරිනමන ලද ගෞරව සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

මෙම සංචාරය අතරතුර නාවික මාණ්ඩලික ප්‍රධානී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ද හමුවිය. හමුදාපතිවරුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ඡාවලදී ඒකාබද්ධ පුහුණුව, තාක්ෂණික දැනුම හුවමාරුව සහ සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම් වැඩිදියුණු කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු ඵලක හුවමාරු කර ගැනීමෙන් නිල සංචාරය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි