ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 ඔක්තෝබර් 06 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී. ගුවන් හමුදාපතිතුමන් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිරූප් වනසිංහ නිලධාරිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

පරීක්ෂණ පෙළපාළිය ගුවන් හමුදාපතිවරයා විසින් පරීක්ෂා කරන ලදී. වීරවිල ගුවන් හමුදා කඳවුරට දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් බලලත් නිලධාරී කේ.කේ. නෙරංජන් (මෙහෙයුම් භූමි එස්පී I) හට ප්‍රශංසා සහතිකයක් පිරිනමන ලදී.

ගුවන් හමුදාපතිතුමන් කඳවුරේ මූලස්ථානය, අංක 41 රෙජිමේන්තු පක්ෂාංගය, අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය, ක්‍රීඩා අංශය, ප්‍රධාන ආරක්ෂක මැදිරිය, වෛද්‍ය අංශය, ගුවන් භටයින්ගේ සහ ගුවන් කාන්තාවන්ගේ නිවස්න, සුභසාධන වෙළද සංකීර්ණය, මෝටර් රථ ප්‍රවාහන අංශය, ඊගල්ස් කැෆේ, සමාජ ශාලාව සහ වී.වී.අයි.පී. විවේකාගාරය ඇතුළු කඳවුරේ සියලුම ප්‍රධාන ප්‍රදේශ පරීක්ෂා කරන ලදී. අලුතින් පිහිටුවන ලද අංක 63 බුද්ධි අංශ පරිශ්‍රයේ රුක් රෝපණ උත්සවයක් ද පැවැත්විය.

ගුවන් හමුදාපතිතුමන් සියලුම නිලධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවකයින් අමතමින් අණදෙන නිලධාරියා සහ ඔහුගේ කණ්ඩායමට ඔවුන්ගේ නොපසුබට කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව සිය අවංක ස්තූතිය පළ කරන ලදී.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු, ගුවන් හමුදාපතිතුමන් මත්තල ගුවන් හමුදා කඳවුරට ගිය අතර අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගොඩ නිලධාරිතුමන් විසින් ගුවන් හමුදාපතිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. නව ගුවන් කඳවුරක් ස්ථාපිත කිරීම සඳහා යෝජිත ඉඩම ගුවන් හමුදාපතිතුමන් පරීක්ෂා කරන ලදී. විනය, වෘත්තීයභාවය සහ උසස් ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම පිළිබඳව ඔහු කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කළ අතර එවැනි උත්සාහයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්ති නාමය ශක්තිමත් කරන අතර ජාතියේ සංවර්ධනයට දායක වන බව ගුවන් හමුදාපතිතුමන් සඳහන් කරන ලදී.


SLAF Station Weerawila

SLAF Detachment Mattala

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි