2011 අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය ඒකලදී
2011 අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය පසුගියදා (සැප්:02) ඒකල ගුවන් හමුදා කඳවුරු එළිමහන් ක්‍රීඩාංගනයේදී පැවැත්වින. මෙහිදී ගුවන් හමුදා කටුනායක කඳවුරු කාර්මික පක්ෂාංග කණ්ඩායම සහ ගුවන් හමුදා කටුනායක කඳවුරු කණ්ඩායම කාන්තා සහ පිරිමි ශූරතාවය දිනාගන්නා ලදි. එමෙන්ම ගුවන් හමුදා කොළඹ කඳවුරු කාන්තා සහ පිරිමි කණ්ඩායම් මෙම තරඟාවලියේ කාන්තා සහ පිරිමි යන අංශ දෙකෙහි අවසන් තරඟයන්හිදී තියුණු තරඟයක් ලබාදුන් අතර ඔවුන් හට අවසානයේදී හිමිවූයේ එම අංශයන්හි අනුශූරතාවයයි.

කටුනායක ගුවන් හමුදා කඳවුරු කාර්මික පක්ෂාංග කණ්ඩායමේ පියාසර නිළධාරී එච්.එම්.ටී.කේ. හේරත් සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායමේ කෝප්‍රල් මලින්ත පී පිළිවෙළින් පිරිමි සහ කාන්තා යන අංශයන්ගේ හොඳම ක්‍රීඩකයන් ලෙස තේරී පත් වන ලදි.

මෙම අවසන් තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ උප සභාපතිතුමන් වන අජිත් කුමාර මැතිතුමන් වන අතර මේජර් ජෙනරාල් ජානක රත්නායක, ගුවන් හමුදා විධායක ක්‍රීඩා නිළධාරී එයාර් කොමඩෝර් හර්ෂ ප්‍රනාන්දු, ඒකල ගුවන් හමුදා කඳවුරු අණ දෙන නිළධාරී ගෲප් කැප්ටන් ලක්සිරි ගුණවර්ධන සහ ගෲප් කැප්ටන් වසන්ත අමරකෝන් යන නිළධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි