ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කරයි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා එයාර් කොමඩෝර් (වෛද්‍ය) නීලුකා අබේසේකර සහ අධ්‍යක්ෂ දන්ත සේවා එයාර් කොමඩෝර් (වෛද්‍ය) කුමුදු වීරසේකර යන නිලධාරින්ගේ මඟ පෙන්වීම යටතේ වෛද්‍ය සහ දන්ත සායනයක් 2025 ඔක්තෝබර් 21 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන ගුවන් හමුදා වෛද්‍ය සහ දන්ත නිලධාරීන් සහ වෛද්‍ය සහ දන්ත කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවන ලදී. අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මෙන්ම දළදා මාලිගාවේ සිවිල් කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ලදී.

කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් (වෛද්‍ය) සුජීව අල්විස් සහ මාණ්ඩලික නිලධාරී I දන්ත සේවා, ගෲප් කැප්ටන් (වෛද්‍ය) ප්‍රභාත් අබේරුවන් විසින් මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස සම්බන්ධීකරණය කරන ලදී.

මෙම වැඩසටහන අතරතුර වෛද්‍ය, දන්ත, විකිරණවේදය, අක්ෂි, චර්ම රෝග, මනෝචිකිත්සාව සහ භෞත චිකිත්සාව යන විශේෂඥතාවන්හි උපදේශන පරාසයක් මගින් සායනය වැඩිදියුණු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නොමසුරුව පරිත්‍යාග කරන ලද කියවීමේ කණ්නාඩි බෙදා දීම වැඩසටහන කැපී පෙනෙන ලක්ෂණයක් විය. අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශක ගෲප් කැප්ටන් අභය ජයසේකර විසින් මෙහෙයවන ලද උපදේශනවලින් පසුව බෙදා හැරීම සිදු කල අතර ප්‍රතිලාභීන්ට සුදුසු දෘශ්‍ය සහාය ලැබෙන බව සහතික කරන ලදී. වෛද්‍ය සායනයෙන් පුද්ගලයින් 351 දෙනෙකු ප්‍රතිලාභ ලැබූ අතර දන්ත සායනයෙන් පුද්ගලයින් 171 දෙනෙකු ප්‍රතිකාර ලබා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි