ගුවන් හමුදා අධිකාරී නොලත් නිලධාරි කළමනාකරණ පාඨමාලාව අවසන් විය.
අංක 27 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 98 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ  සහතික ප්‍රදානෝත්සවය 2025 නොවැම්බර් 26 දින  චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පරිපාලන අධ්‍යක්ෂ ජෙනරාල්  එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න නිළධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා සහ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් අඛිල ද අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

අංක 27 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 98 සිංහල මාධ්‍ය පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 59 දෙනෙකු සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 79 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් විය. පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කිරීම සඳහා සම්මානලාභීන් 140 දෙනෙකුට සහතික ප්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි