මානුෂීය සහන සේවා අතරතුර ගුවන් හමුදාවේ BELL 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ප්‍රදේශයේදී හදිසි ගොඩබෑමක් සිදු කරන ලදී.
වියළි සහ නැවුම් සලාක බෙදා හැරීමේ කටයුතුවල නිරතව සිටි ගුවන් හමුදාවට අයත් BELL 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ප්‍රදේශයේ පාලම අසල හදිසි ගොඩබෑමක් සිදු කරන ලදී. සිද්ධිය වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙකු එහි සිටි අතර.ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව, තුවාල ලැබූ සියලුම පිරිස් බේරාගෙන වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට මාරු කරන ලදී.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි, මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශණ මණ්ඩලයක් පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි