මානුෂීය සහනාධාර රැගත් පකිස්ථාන ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණේ
සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත මුදාගැනීමේ සහන කණ්ඩායමක් සහ විශේෂිත සෙවුම් සහ මුදාගැනීමේ උපකරණ, සුනඛ ආධාරක සහ ජාතික සහන සහ ප්‍රතිසාධන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් පාකිස්තාන ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයක් 2025 දෙසැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට පැමි‍ණෙන ලදී. 

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් (විශ්‍රාමික), අනෙකුත් නියෝජිතයින් විසින් මෙම සහනාධාර තොගය සහ සහන කන්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් වෙත නිල වශයෙන් භාර දීම එදින සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි