ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 ශිෂ්‍ය නිලධාරීන් සඳහා ආරාධිත දේශනය ගුවන් හමුදාපතිතුමන් විසින් පවත්වන ලදී
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ මහතාගේ ආරාධනයෙන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 දෙසැම්බර් 05 වන දින සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 19 හි ශිෂ්‍ය නිලධාරීන් සඳහා ‘ශ්‍රී ලංකා ගුවන් හමුදා උපායමාර්ගය 2030 සහ ඉන් ඔබ්බට’ යන මාතෘකාව යටතේ ආරාධිත දෙශනය සිදු කරන ලදී.
ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් 75 ක්, නාවික හමුදා නිලධාරීන් 25 ක් සහ ගුවන් හමුදා නිලධාරීන් 25 ක් ඇතුළුව රටවල් 11 ක විදේශීය නිලධාරීන් 27 ක් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 152 දෙනෙකුගෙන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 සමන්විත විය.
මෙම අවස්ථාවෙහි වැදගත්කම ඉස්මතු කරමින් ගුවන් හමුදාපතිතුමා සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරීතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය. තවද, ගුවන් හමුදාපතිතුමා පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතේ සිය සරුසටහනක්ද තබන ලදී.