ඉන්දියාවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ සහකාර ආරක්ෂක උපදේශකතුමන් හා ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්.
ජර්මන් ෆෙඩරල් ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ක්ලවුස් මර්කල් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් මාර්කෝ හෙල්ග්‍රෙව් 2025 දෙසැම්බර් 05 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරනු පිළිබඳ සාකච්ඡාවලින් පසුව, ගුවන් හමුදාපතිවරයා සහ පැමිණි සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කළහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි