ඩිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවේ C-130 ගුවන් යානා දෙකක් දිවයිනට
ඩිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සාමාන්‍ය තත්ත්වය පත් කිරීම සඳහා ජාතික උත්සාහයන්ට සහාය වෙමින් පවතින ගුවන් මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවේ C-130 ගුවන් යානා දෙකක් 2025 දෙසැම්බර් 07 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය. බලපෑමට ලක් වූ ප්‍රදේශ පුරා පවත්වනු ලබන මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් විශේෂිත පිරිස් සහ හැකියාවන් මෙම ගුවන් යානයෙන් ගෙන එන ලදී.

මෙම යෙදවීමට 374 වන ගුවන් ප්‍රවාහන අංශය, 36 වන හදිසි ප්‍රතිචාර කණ්ඩායම සහ III සමුද්‍ර ගවේෂණ බලකායේ කණ්ඩායම් ඇතුළත් වන අතර, ඔවුන් ගුවන් ප්‍රවාහන, සැපයුම් සහ වේගවත් ප්‍රතිචාර මෙහෙයුම් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ඇත.

කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණි පසු, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි චන්ග් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් මෙම කණ්ඩායම පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින්, අධ්‍යක්ෂ ජෙනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා ඇතුළු නිළධාරීන්, නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි