මාලදිවයිනේ පැවති 07 වන කැරම් ලෝක කුසලානයේ දී ගුවන් හමුදා කැරම් ක්‍රීඩිකාවන්ගේ විශේෂ දස්කම්
මාලදිවයිනේ කැරම් සංගමය විසින් සංවිධානය කරන ලද 07 වන කැරම් ලෝක කුසලානය 2025 දෙසැම්බර් 02 වන දින සිට 2025 දෙසැම්බර් 06 වන දින දක්වා රටවල් 17 ක සහභාගීත්වයෙන් පවත්වන ලදී. තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ගුවන් හමුදා කැරම් ක්‍රීඩික ක්‍රීඩිකාවන් හත් දෙනෙකු ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම නියෝජනය කරමින් රටට කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර දුන්හ.
පිරිමි කණ්ඩායම අනුශූරතාවය දිනා ගත් අතර කාන්තා කණ්ඩායම කණ්ඩායම් ඉසව්වේ දෙවන අනුශූරතාවය දිනා ගත්තේය.
තනි ශ්‍රේණිගත කිරීම්වල දී, ගුවන් කාන්තා කාවින්දි ටීජීටී ලෝක කැරම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානයට පත්විය. තවද, කෝප්‍රල් ෂහීඩ් එම්එච්එම් සහ ගුවන් කාන්තා දිල්රුක්ෂි ඩබ්ලිව්ඩීඑන් පිළිවෙලින් 05 සහ 08 වන ස්ථාන ලබා ගත් අතර, කෝප්‍රල් පීරිස් පීකේඑන් ලොව හොඳම කැරම් ක්‍රීඩිකාවන් 16 දෙනා අතර 11 වන ස්ථානය හිමිකරගන්නා ලදී.