මියන්මාරයේ පැවති සංස්කෘතික උත්සවයකට ගුවන් හමුදා නර්තන කණ්ඩායම සහභාගී වේ
මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ආරාධනයකට අනුව, 2025 දෙසැම්බර් 05 සිට 07 දක්වා මියන්මාරයේ යැන්ගොන් හි පැවති සංචාරක ප්‍රවර්ධන උත්සවයට ශ්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායම සහභාගී විය.
බෞද්ධ හා සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සංස්කෘතික පිළිවෙත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, සංස්කෘතික ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා කණ්ඩායම මෙම උත්සවයේදී සහභාගී වු අතර උඩරට, පහතරට සහ සබරගමුව නැටුම් අංග ඇතුළු සාම්ප්‍රදායික නර්තන අංග කිහිපයක් සහ සාම්ප්‍රදායික බෙර වාදන ඉදිරිපත් කිරීමක් සිදු කළහ.