ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුරය කඳවුර විසින් ගංවතුරෙන් පීඩාවට පත් පදිංචිකරුවන් සඳහා වෛද්‍ය ආධාර ලබා දීම සිදු කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර 2025 දෙසැම්බර් 11 වන දින අනුරාධපුර පැරණි මිහින්තලා පාරේ ශ්‍රී මහා මහින්ද පිරිවෙන හිදී කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රදීප් පියරත්න නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ වෛද්‍ය ආධාර ව්‍යාපාරයක් පවත්වන ලදී.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ සහ ‘අනුරාධපුර පින්කම් උපකාරක සේවය’ අධ්‍යක්ෂ ශාක්‍ය සිප්කඩුව මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද අතර එය කඳවුරු වෛද්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

මෑත කාලීන ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් 72 දෙනෙකුට මෙම ව්‍යාපාරය අතරතුර අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි