එක්සත් ජනපද සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඇතිව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ආපදා සහන තොගයක් පැමිණේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි චන්ග් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා 2025 දෙසැම්බර් 12 වන දින එක්සත් ජනපද ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයකින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පැමිණෙන ලදී. කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රදීප් පියරත්න මහතා නියෝජිත පිරිස පිළිගන්නා ලදී.
C-130 ගුවන් යානය මගින් ජනක යන්ත්‍ර, ජල පොම්ප, ජල ගබඩා ටැංකි, ගලවා ගැනීමේ මෙවලම් සහ හදිසි ආහාර සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා සහන උපකරණ තොගයක් භාර දෙන ලදී. මෑත කාලීන අහිතකර තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ උතුරු මැද පළාතේ අඛණ්ඩ ආපදා ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන්ට සහාය වීම මෙම උපකරණ ලබාදීමේ අරමුණයි.
C-130 මෙහෙයුම් හරහා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් සපයනු ලබන සැපයුම් සහාය, කලාපයේ ආපදා ප්‍රතිචාර සහ මානුෂීය සහන කටයුතු සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරට උපකාරී වේ.