අන්තර් ඒකක ටෙනිස් සහ විවෘත තරඟාවලිය - 2025
2025 - අන්තර් ඒකක සහ විවෘත ටෙනිස් තරඟාවලිය. 2025 දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 25 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල ටෙනිස් පිටි සංකීර්ණයේදී පැවැත්විය. සම්මාන ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් 15 වන දින එම ස්ථානයේදීම අධ්‍යක්ෂ ජෙනරාල් සාමාන්‍ය ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ප්‍රභාත් දිසානායක, ගුවන් හමුදා ටෙනිස් සභාපති සහ වෙළඳ පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කෝලිත අබේසිංහ යන නිලධාරිවරුන් ඇතුලු ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර කණ්ඩායම් ඉසව්ව ජයග්‍රහණය කර ශූරතා කුසලානය දිනා ගත් අතර 2025 අන්තර් ඒකක ටෙනිස් තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සමත් විය.

අනෙකුත් ඉසව් ජයග්‍රාහකයින් පහත පරිදි වේ

විවෘත යුගල
එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන
එයාර් කොමදෝරු සමන්ත වීරසේකර

විවෘත කේවල
බලපංති සැරයන් කුමාර් ආර්එම්ඒ

ප්‍රවීණ යුගල
එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන
එයාර් කොමදෝරු සමන්ත වීරසේකර

ප්‍රවීණ කේවල
එයාර් කොමදෝරු සමන්ත වීරසේකර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි