ගුවන්තොටුපළ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සූදානම් නව පුහුණුව ලත් ගුවන් හමුදා K-9 කණ්ඩායම්
හමුදා සුනඛයින් සහ ඔවුන්ගේ හසුරුවන්නන් විසින් මත්ද්‍රව්‍ය සෙවීමේ සහ නිෂ්කාශන පාඨමාලාව සාර්ථකව නිම කිරීම සනිටුහන් කිරීම සඳහා සහතික ප්‍රදානය කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 23 කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 48 K-9 පක්ෂාංගයේදී පැවැත්විණි.

COVID-19 වසංගතය හමුවේ විරාමයකින් පසුව, 2020 සිට දෙවන වරටත් මෙම වැඩසටහන පවත්වන ලද අතර එය SLAF K-9 පක්ෂාංගයේ මෙහෙයුම් වැඩි දියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් සනිටුහන් කරන ලදී. නව පුහුණුව ලත් හමුදා සුනඛයින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්ද්‍රව්‍ය සෙවීමේ සහ නිෂ්කාශන රාජකාරි සිදු කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි සේවයේ යොදවනු ලබයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අංක 48 K-9 පක්ෂාංගයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ජීඩීඩීපීකේ හතුරුසිංහ විළධාරී තුමන් සහභාගී වූ අතර කළමනාකරණ සහ සෞඛ්‍ය සේවා අංශයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් කේඑම්එච් ජිනරත්න නිළධාරී තුමන් සහ මෙහෙයුම් සහ පුහුණු අංශයේ අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් කේඑස්බී ඇන්තනි නිළධාරී තුමන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

පාඨමාලාව සාර්ථකව නිම කිරීම වෙනුවෙන් හමුදා සුනඛයින් දොළොස් දෙනෙකුට සහ ඔවුන්ගේ හසුරුවන්නන් හට සහතිකපත් ප්‍රදානය කරන ලදී. තවද වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ (NDDCB) නිලධාරීන්ගේ කැපවීම, විශේෂඥතාව සහ දායකත්වය අගය කිරීමටද මෙම උත්සවය අවස්ථාවක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි