නව ගුවන් බාලදක්ෂයින්ට උත්සවාකාරයෙන් සාමාජික ලාංඡන ප්‍රදානය කරන ලදී
2025 දෙසැම්බර් 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර ගුවන් බාලදක්ෂ මූලස්ථානයේදී ඔවුන්ගේ බාලදක්ෂ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අලුතින් බඳවා ගත් ගුවන් බාලදක්ෂයින්ගේ සාමාජික ලාංඡන ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් භූමි මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම නිළධාරීතුමන් සහභාගී විය. ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන, ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති එයාර් කොමඩෝර් ඊඑස් පොන්නම්පෙරුම, සහකාර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ආචාර්ය ඉන්දිකා විදානගමගේ, සහකාර දිස්ත්‍රික් කබ්ස් බාලදක්ෂ කොමසාරිස් මිරාල් ආරියපාල යන නිළධාරීන් සහ නිළධාරීනියන් , ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ හිටපු සභාපතිවරුන් වන රෝහිත ස්ටේන්වෝල් මහතා සහ පියාසර නිලධාරී ආර්එස්එම්එන් විජේරත්න මහතා සහ ගුවන් බාලදක්ෂ මාස්ටර්වරුන් සහ අනෙකුත් කීර්තිමත් ආරාධිතයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
මෙම උත්සවය නව ගුවන් බාලදක්ෂයින් විධිමත් ලෙස ඇතුළත් කිරීම සංකේතවත් කරමින්, විනය, නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ජාතියට කරන සේවයේ වටිනාකම් අවධාරණය කළ අතර අනාගත පරම්පරාවන් අතර ජාතිය ගොඩනැගීම සහ චරිත සංවර්ධනය පිළිබඳ පුළුල් දැක්මට අනුකූලව, ගුවන් බාලදක්ෂ ව්‍යාපාරය හරහා තරුණයින් පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අඛණ්ඩ කැපවීම මෙම අවස්ථාව මගින් නැවත තහවුරු කරන ලදී.