ගුවන් හමුදා ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාව ප්‍රථම SERT පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාව විසින් ප්‍රථම වරට සංවිධානය කළ විශේෂිත හදිසි ප්‍රතිචාර කණ්ඩායම් (Special Emergency Response Teams – SERT) පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කර තිබේ. ඒ අනුව ගිනි නිවන පාසල සහ ගිනි ටෙන්ඩර් නඩත්තු බලඝණය (FS&FTMS) සඳහා සහතික ප්‍රදානෝත්සවයද පැවැත්විණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ පවත්වන ලද පළමු NFPA ප්‍රමිතීන්ට අනුකූල SERT පුහුණු වැඩසටහන ලෙස විශේෂත්වය ගනී.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස්, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර වීරරත්න සහ ප්‍රධාන ගිනි නිවන නිලධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය යන නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණුව සිදු කරන ලදී.

පුහුණු කාලය තුළ පුහුණුවන්නන් ගුවන් යානා ගිනි නිවීම හා ගලවා ගැනීම (ARFF), නාගරික සෙවීම් සහ මුදා ගැනීම (USAR), HAZMAT මෙහෙයුම්, මාර්ග රථවාහන අනතුරු ගලවා ගැනීම, ආපදා ප්‍රතිචාර, සමුද්‍රීය ගලවා ගැනීම සහ ප්‍රථමාධාර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල න්‍යායත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා ගත්හ.

පාඨමාලාවේ අවසාන දිනයේදී, හෙලිකොප්ටර් වින්ච් මෙහෙයුම්, උසින් ගලවා ගැනීම්, කඹ ගලවා ගැනීම, කඩා වැටුණු ව්‍යුහ සෙවීම් සහ මාර්ග අනතුරු ගලවා ගැනීම ඇතුළු දියුණු ගලවා ගැනීමේ අභ්‍යාස ප්‍රදර්ශනය කරමින් පුහුණුවන්නන් සිය හැකියාවන් ඉදිරිපත් කළහ.

මෙම පුහුණුව මගින්, ගුවනේ සිට මුහුදට හෝ ගොඩබිමට ගලවා ගැනීම්, HAZMAT සිදුවීම්, නාගරික ආපදා සහ විශේෂ හදිසි අවස්ථා වලදී පළමු ප්‍රතිචාර දක්වන වෘත්තීය කණ්ඩායම් ලෙස ක්‍රියා කිරීමට SERT සාමාජිකයන් සන්නද්ධ කර ඇත.

සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවන නිලධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය මහතා සහභාගී වූ අතර, පුහුණුවේ විශිෂ්ටත්වය දැක්වූ පුහුණුවන්නන්ට විශේෂ සම්මානද ප්‍රදානය කරන ලදී.

විශේෂිත හදිසි ප්‍රතිචාර කණ්ඩායම් (SERT) පුහුණු පාඨමාලාවේ සම්මානලාභීන්

සෑම අතින්ම දක්ෂතම නිලධාරියා

ෆ්ලයින් ඔෆිසර් ටීටීඩී ප්‍රනාන්දු

ප්‍රථම ස්ථානය සහ සෑම අතින්ම දක්ෂතම ගුවන් භටයා

බළපංති සැරයන් චතුරංග ජේඒඩිඑල්එන්

දෙවන ස්ථානය

සැරයන් ජයසේන පිඡීඑන්පී

තෙවන ස්ථානය

බළපංති සැරයන් ගුණතිලක බී

හොඳම භෞතික අභ්‍යාසලාභියා

කෝප්‍රල් ආරියතිලක එස්අයිඑම්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි