අංක 37 ආපදා කළමනාකරණ සහ පළමු ප්‍රතිචාර මූලික පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා දිගන ආපදා කළමනාකරණ පුහුණු පාසලේදී පවත්වන ලද අංක 37 ආපදා කළමනාකරණ සහ පළමු ප්‍රතිචාර මූලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් 29 වන දින පැවැත්විණි. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතා සහභාගී විය.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.ජී.පී.එල්. ජයතිලක මහතා, පුහුණු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඒ.පී.යූ.ආර්.ධර්මසිරි නිළධාරීතුමන් ඇතුළු පාසලේ නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.
වැඩ කරන දින අසූවක් පුරා පැවැත්වුණු මෙම පුහුණු වැඩසටහන තුළ ආපදා අවදානම් හඳුනා ගැනීම, ආපදා කළමනාකරණ සභා පනත සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය, ආපදා අවදානම් අඩු කිරීම (DRR), උපද්‍රව හා අවදානම් තක්සේරු කිරීම, GIS සහ තොරතුරු තාක්ෂණ භාවිතය, බිඳ වැටුණු ව්‍යුහ සෙවීම සහ මුදා ගැනීම, මානුෂීය ආධාර හා ආපදා ප්‍රතිචාර (HADR), ආපදා කළමනාකරණයේ ජාත්‍යන්තර ක්‍රමවේද, ආපදා සූදානම් සැලසුම්, හදිසි ප්‍රතිචාරයට අදාළ සිවිල් නීති, හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන (EOC), සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs), අවතැන් වූ පුද්ගලයින් කඳවුරු කළමනාකරණය, ප්‍රථමාධාර, අනතුරු සහ මරණ කළමනාකරණය, ගිනි නිවීම, ගලවා ගැනීම සහ ජලය සෙවීම හා මුදා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන ලදී.
මෙයට අමතරව, පුහුණුවන්නන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය (GSMB), පරමාණුක බලශක්ති නියාමන සභාව (AERC), සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අධ්‍යාපනික සංචාර ද සිදු කළහ.
මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුවන්නන් 29 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කරන ලදී. එම පිරිසට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් එක් නිලධාරියෙකු සහ ගුවන් භටයින් 20 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එක් නිලධාරියෙකු සහ සෙසු නිලයන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නාවිකයින් තිදෙනෙකු සහ විශේෂ කාර්ය බලකායෙන් එක් නිලධාරියෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළත් විය.