ගුවන් හමුදා පලාලි කඳවුර 45 වන සංවත්සරය සැමරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර 2026 ජනවාරි 01 දින සිය 45 වන සංවත්සරය උත්සවාකාර, ආගමික සහ සුභසාධන කටයුතු මාලාවක් සමඟින් අභිමානවත් ලෙස සමරනු ලැබීය.
සැමරුම් දින වැඩසටහන චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියක් ආරම්භ කරන ලද අතර එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සුරංග සෙනෙවිරත්න විසින් සමාලෝචනය කරන ලදී. පෙළපාළියෙන් පසුව, අණදෙන නිලධාරීතුමන් සහ සියලුම කාර්ය මණ්ඩලය එක්ව ආගමික වතාවත් සඳහා සහභාගී විය, ඉන්පසු ගුවන් හමුදාපතිතුමාගේ සංවත්සර දේශනය නිරීක්ෂණය කරන ලදී. සියලුම නිලයන් ගුවන් භටයින්ගේ භෝජනාගාරයේ උදෑසන ආහාරය සඳහා සහභාගී වූ අතර අනතුරුව සංවත්සර වැඩසටහනේ කොටසක් ලෙස රුක් රෝපණ වැඩසටහනක් සහ ක්‍රිකට් තරඟාවලියක්ද පැවැත්විණි.
කඳවුරු දින සැමරුම්වල කොටසක් ලෙස, මාතෘභූමිය වෙනුවෙන් ඡිවිත කැපකිරීම කල විරුවන් සිහිපත් කිරීම සඳහා 2026 ජනවාරි 02 දින සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා උත්සවයක් පැවැත්වන ලද අතර 2026 ජනවාරි 03 දින, කඳවුරු පරිශ්‍රයේදී ගෞරවනීය මහා සංඝරත්නය වෙත දානමය පුණ්‍යකර්මය සිදුකිරීමෙන් පසුව අවසන් විය.