චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ භූමි පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරි තනතුරේ වෙනසක්
චීන වරාය ගුවන් හමුදා  ඇකඩමියේ භූමි පුහුණු පක්ෂාංගයේ නව අණදෙන  නිලධාරී තුමන් ලෙස ගෲප් කැප්ටන් සීපී හෙට්ටිආරච්චි USP, MSc (Def & Strat Stu), B Com (Def Stu), MIM (SL), GI Fire E, psc  නිළධාරී තුමන් 2026 ජනවාරි 06 වන දින ධූරයේ පත්වීම් භාර ගන්නා ලදී.    

ඉන්පසු නික්ම යන හිටපු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්එච්එල්කේ ලියනහෙට්ටි USP, MSc (Def & Strat Stu), Pg Dip (Def Mgt), psc නිළධාරී තුමන් විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුරේ අංක 28 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ධූරය භාර ගනු ඇත.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් හෙට්ටිආරච්චි නිළධාරී තුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ පුහුණු පාසලේ සහ ෆයර් ටෙන්ඩර් නඩත්තු පාසලේ අණදෙන නිලධාරී ලෙස රාජකාරී සිදු කල අතර පසුව චීන වරාය ගුවන් හමුදා  ඇකඩමියේ භූමි පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරි ලෙස රාජකාරී භාර ගන්නා  ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි