ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත්කෙරේ.
කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත් කිරීම 2026 පෙබරවාරි 02වන දින සිදු විය. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය ස්ථාන පෙළපාළි භූමියේදී පැවැත්විය. නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.ඒ.ඩබ්ලිව්.පී හෙට්ටිආරච්චි නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් එම් සෙනෙවිරත්න නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් හෙට්ටිආරච්චි නිලධාරිතුමන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අංක 31 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ධූරයේ රාජකාරි භාර ගැනීමට නියමිතයි. නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සෙනෙවිරත්න නිලධාරිතුමන් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරී ධූරයට පත් වීමට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 26 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ධූරයේ කටයුතු කරන ලදී. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි