ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 19 වන සංවත්සරය සමරයි.
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය (ADRS) 2026 පෙබරවාරි 01 වන දින සිය 19 වන සංවත්සරය සමරන ලදී. බලඝණ පරිශ්‍රයේදී සම්ප්‍රදායික වැඩ පෙළපාළිය පවත්වන ලද අතර අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්.ඩී.ඊ.එච් වල්පිට නිලධාරිතුමන් විසින් එය පරීක්ෂා කරන ලදී.

සංවත්සර සැමරුම සහ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව වීරවිල වැව පිරිසිදු කිරීමේ වැඩසටහන 2026 ජනවාරි 29 වන දින සාර්ථකව සිදු කරන ලදී. ඊට අමතරව අභයපුර සුරනිමල හි ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී

මෙම සංවත්සරයට සමගාමීව බලඝණ කාර්ය මණ්ඩලයේ කැපවූ උත්සාහයෙන් සහ වීරවිල ගුවන් හමුදා කඳවුරේ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව 2026 ජනවාරි 30 වන දින වීරවිල ප්‍රාථමික පාසල  සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පාසලේ මුළු වැසිකිළි පහසුකමම ප්‍රතිසංස්කරණය කරන ලදී. සංවත්සර දින වැඩසටහන අවසන් වූයේ කඳවුරේ සියලුම කාර්ය මණ්ඩලය අතර මිත්‍රශීලී හා සුහදත්වය ඇති කිරීම සදහා ක්‍රිකට් තරඟාවලියකිනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි