78 වන ජාතික නිදහස් දින සැමරුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානයෙන් එක්වෙයි.
අපේ ජාතිය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීමේ 78 වන සංවත්සරය සනිටුහන් කරමින්. "ශ්‍රී ලංකාව ගොඩනඟමු" යන තේමාව යටතේ මෙම වසරේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026 පෙබරවාරි 04 වන දින නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ දක්ෂ නායකත්වය යටතේ අහසේ ආරක්ෂකයින් මෙම වසරේ නිදහස් උත්සවයට ආඩම්බරයෙන් හා අභිමානයෙන් සහභාගී විය. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා තුනක්, නිලධාරීන් 62 ක්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 521 ක් චාරිත්‍රානුකූල පා සරඹ සදහා සහභාගී විය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරන ලදී. අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කථානායකවරයා, අමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී විය.
"මගුල් බෙර" වාදනය සහ හක් ගෙඩි පිඹීම මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවන ලදී. පසුව පාසල් සිසුන් විසින් ජාතික ගීය ගායනා කරන ලදී. ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ජනාධිපතිවරයා සමඟ විශේෂ වේදිකාවට ගිය අතර ඊට ඉදිරියෙන් පාසල් දැරියන් ජාතියට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ඉල්ලා ජයමංගල ගාථා ගායනා කළ අතර ජාතියට ආශිර්වාද කිරීම සඳහා "දේවෝ වස්සතු කාලේන" ගායනා කරන ලදී.
ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස්, බෙල් 212 හෙලිකොප්ටරයක් සහ බෙල් 412 හෙලිකොප්ටර් දෙකක් ඇතුළත් නිදහස් දින ගුවන් ගමන් සදහා සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරියා විය. බෙල් 212 හෙලිකොප්ටර් යානයේ නායකත්වය ගෲප් කපිතාන් රසංක විජේවර්ධන විසින් දරන ලද අතර බෙල් 412 හෙලිකොප්ටර් යානාවල නායකත්වය ස්කොඩ්‍රන් ලීඩර් නිර්මාල් පෙරේරා සහ ස්කොඩ්‍රන් ලීඩර් දිලීප් මීගහකුඹුර විසින් දරන ලදී. ගුවන් ගමන් මඟ මෙහෙයවන ලද්දේ වින්ග් කමාන්ඩර් රුක්ෂාන් ගම්ලක්ෂගේ විසිනි.
චාරිත්‍රානුකූල පෙළපාළියේදී භූමියේ සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරියා වූයේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම වන අතර සමස්ත පෙළපාළි සම්බන්ධීකාරකවරයා වූයේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ VI වන භූමි නිලධාරී වින්ග් කමාන්ඩර් අසේල විතාන නිලධාරිතුමන් විසිනි.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් දිනේෂ් ජයවීර නිලධාරිතුමන් ගුවන් හමුදා බලඇණි අණදෙන නිලධාරියා ලෙස පෙළපාළියට එක්විය. ගුවන් හමුදා චාරිත්‍රානුකූල පෙළපාළියට අණදෙන ලද්දේ බලඝණ පහක් ඇතුළත් වින්ග් කමාන්ඩර් ප්‍රභාත් සෙනෙවිරත්න වන අතර, ස්කොඩ්‍රන් ලීඩර් ගයාන් ජෝසප් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමට අණදෙන ලදී. පළමු බලඝණයට ස්කොඩ්‍රන් ලීඩර් අරුණ වික්‍රමසිංහ අණදෙන නිලධාරියා ලෙසත්, දෙවන බලඝණයට ස්කොඩ්‍රන් ලීඩර් අචිරංග ඉහළවෙල අණදෙන නිලධාරියා ලෙසත්, ගුවන් කාන්තාවන්ගෙන් සමන්විත තුන්වන බලඝණයට ස්කොඩ්‍රන් ලීඩර් හර්ෂනී සපුතන්ත්‍රි අණදෙන නිලධාරියා ලෙසත් කටයුතු කරන ලදී.
ස්කොඩ්‍රන් ලීඩර් හරිත පින්නදූවගේ නායකත්වයෙන් යුත් විශේෂ ගුවන් බලඝණය ජනාධිපතිතුමාට සිය ආචාරය පුද කළ අතර පසුව වින්ග් කමාන්ඩර් රොමේෂ් බස්තියන්ගේ නායකත්වයෙන් යුත් රෙජිමේන්තු විශේෂ බලකා බලඝණය ගමන් කරන ලදී.
ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජාතික නිදහස් දින සැමරුමට සහභාගී විය.
නිදහස් චතුරශ්‍රයේ පැවති සැමරුම් උත්සවය අවසන් වීමෙන් පසුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ රත්මලාන ගුවන් හමුදා කඳවුරට පැමිණ නිදහස් දින ගුවන් ගමන් සඳහා පියාසර කළ සියලුම නියමුවන් මෙන්ම මෙම මෙහෙයුමට සහාය දුන් අනෙකුත් සියලුම නිලධාරීන් සමඟ සම්ප්‍රදායික සමූහ ඡායාරූපයකට සහභාගී විය.