නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් කළමනාකරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරා ඇත.
2026 පෙබරවාරි 17 වන දින කැබිනට් තීරණයකට අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු
ශික්ෂණ රෝහලේ (NFTH) මෙහෙයුම් කළමනාකරණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරා ඇත.
2013 දී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් SAITM සඳහා ශික්ෂණ රෝහලක් ලෙස
ආරම්භ කරන ලද මෙම රෝහල මීට පෙර 2017 දී රජයට භාර දෙන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2026 පෙබරවාරි 23 වන දින රෝහලේ විධිවිධාන සහ අනාගත මෙහෙයුම් කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙත පැමිණෙන ලදී.
මෙම සාකච්ඡාවට මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. මෙම රැස්වීමේදී නව කළමනාකරණ ව්‍යුහය යටතේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව අවධානය යොමු කරන ලදී.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර මහතා විසින් කොළඹ ගුවන් හමුදා රෝහල සහ කොළඹ ගුවන් හමුදා දන්ත රෝහල නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සමඟ ඒකාබද්ධ කිරීම පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කරන ලදී.
රැස්වීමෙන් පසුව ආරක්ෂක ලේකම්වරයා, ගුවන් හමුදාපතිවරයා සහ අනෙකුත් නිලධාරීන් සමඟ එක්ව රෝහලේ පහසුකම් සහ වත්මන් මෙහෙයුම් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා එහි සංචාරයක නිරත විය.
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලහි මෙහෙයුම් කළමනාකරණය මාරු කිරීම මඟින් සේවයේ නියුතු සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා තෘතීයික සත්කාර වෛද්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට ගුවන් හමුදාවට හැකියාව ලැබෙන අතර එමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට ලබා ගත හැකි සෞඛ්‍ය සේවා ශක්තිමත් වනු ඇත.