2026 ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින මාර්ග ධාවනය ගාලු මුවදොර පිටියේදී ආරම්භ කරන ලදී.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) දින ධාවනය 2026 මාර්තු 07 වන දින කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ කරන ලදී. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ගුවන් හමුදාවේ නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න මහතා ධාවනයේ පෙරමුණ ගන්නා ලදී. කිලෝමීටර 2 කට වඩා වැඩි දුරක් ආවරණය වන පරිදි පැවති ‘CISM දින ධාවනය’ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී විය.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ කරන ලද අතර ලොව පුරා සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබයි. ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය එහි සාමාජික රටවල් 140 ක හමුදා නිලධාරීන් එක් කරයි ඔවුන් මීට පෙර යුධ පිටියේදී හමු වී ඇති අතර ක්‍රීඩා පිටියේදී ඔවුන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.
මෙය 1998 දී සියලුම සාමාජික රටවල් විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයෙහි මෙහෙවර ප්‍රකාශයේ සඳහන් දර්ශනයට සහ පරමාදර්ශවලට අනුකූල වේ. ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයහි අවසාන ඉලක්කය වන්නේ ක්‍රීඩාව තුළින් සන්නද්ධ හමුදා එක්සත් කිරීමෙන් ලෝක සාමයට දායක වීම සහ "ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය" යන එහි ආදර්ශ පාඨය සාක්ෂාත් කර ගැනීමයි.