ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සර ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අති විශාල මහජන සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් විය.
2026 මාර්තු 06 සිට 08 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 වන සංවත්සර ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය මහජනතාව සඳහා විවෘතව පැවති දින තුන තුළ විශාල ජනතා පිරිසකගේ ආකර්ෂණය ලබා ගනිමින් සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය මහජනතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුම් ගුවන් යානා සහ තෝරාගත් සිවිල් ගුවන් යානා සමීපව නැරඹීමට දුර්ලභ අවස්ථාවක් ලබා දුන් අතර ඒවායේ තාක්ෂණික පිරිවිතර සහ මෙහෙයුම් භූමිකාවන් පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලදී.

ගුවන් ප්‍රදර්ශන අංශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුම් පියාසර බලඝණ කිහිපයක ආකර්ෂණීය පියාසර නිරූපණ ඉදිරිපත් කරන ලද අතර ගුවන් හමුදා හෙලිකොප්ටර්, ප්‍රවාහන ගුවන් යානා සහ ජෙට් ගුවන් යානා වල හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී.

රත්නා ගුවන් සේවා, සෙනොක් ගුවන් සේවා, ලක්වින් ගුවන් සේවා, රෙඩ් බර්ඩ් ගුවන් සේවා, ආසියානු ගුවන් සේවා, සකුරායි ගුවන් සේවා සහ ඩීපී ගුවන් සේවා ඇතුළු සිවිල් ගුවන් ක්‍රියාකරුවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගුවන් සංදර්ශනය තවදුරටත් වැඩිදියුණු විය. සිනමන් එයාර් ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් සමඟ රටේ ගුවන් සේවා අංශයේ පුළුල් පරාසය ඉස්මතු කරමින් පියාසර ප්‍රදර්ශන අංශයට ද සහභාගී විය.

ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව, ගුවන් තාක්ෂණය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් ඉස්මතු කරමින් විවිධ අධ්‍යාපනික හා තාක්‍ෂණික ප්‍රදර්ශන කුටි ගවේෂණය කිරීමට අමුත්තන්ට හැකි විය. විවිධ ගුවන් හමුදා ශාඛා සහ වෘත්තීන් නියෝජනය කරන විශේෂිත වෙළඳ කුටි මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ඇති විවිධ වෘත්තීය අවස්ථා සහ විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදී.

මෙම වැඩසටහනට රාත්‍රී ඩ්‍රෝන ආලෝක සංදර්ශන, ගුවන් හමුදා අංක 48 K-9 පක්ෂාංගයේ නිරූපණ, විශේෂ බලකා සටන් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සමාකරණ, ගුවන් යානා ගිනි නිවීමේ නිරූපණ, පැරෂුට් සංදර්ශන, නිරවද්‍ය සරඹ සංදර්ශන, සාම්ප්‍රදායික අංගම්පොර සටන් කලා නිරූපණ සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු මෙහෙයුම් සහ උත්සවාකාර නිරූපණ රාශියක් ද ඇතුළත් විය.

ගුවන් හමුදා 75 වන සංවත්සර ප්‍රදර්ශනයේ සහ ගුවන් සංදර්ශනයේ සමස්ත සම්බන්ධීකරණය හා සැලසුම් කිරීම රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීර නිලධාරිතුමාගේ අධීක්ෂණය යටතේ අධ්‍යක්ෂ ජෙනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා විසින් සිදු කරන ලද අතර උත්සවය පවත්වන ලද්දේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීර නිලධාරිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් උරුමය, මෙහෙයුම් හැකියාවන් සහ අනාගත අභිලාෂයන් සාර්ථකව ප්‍රදර්ශනය කරමින්, සහභාගී වූ විශාල අමුත්තන් සංඛ්‍යාවකට ආකර්ශනීය හා අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය ඉතා උසස් අන්දමින් සාර්ථකව අවසන් විය.

Day 02

Final Day
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි