වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 2 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2026 මාර්තු 10 වන දින සිය 20 වන සංවත්සරය සමරන ලදී.
මෙම බලඝණය මුලින් 2006 මාර්තු 10 වන දින ඉන්ද්‍රා එම්කේ II රේඩාර් පද්ධතිය හඳුන්වාදීමත් සමඟ ආරම්භ කරන ලදී. කටයුතු ආරම්භ වූයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ජේ.ඒ.කේ ජයවික්‍රම නිලධාරිතුමන් විසින් පෙළපාළියක් පරීක්ෂා කිරීම සිදු කරන ලදී. පසුව බලඝණ සේවා නිලධාරීන් අතර මිත්‍රශීලී ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී. සංවත්සර සැමරුමේ කොටසක් ලෙස 2026 මාර්තු 06 වන දින කුඩාකච්චකොඩිය ප්‍රාථමික පාසලේදී පාසල් පරිශ්‍රයේ කොටස් පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කුඩාකච්චකොඩිය ප්‍රාථමික පාසලේ පාසල් සිසුන්ට දිවා ආහාරය පිරිනමන ලද අතර 2026 මාර්තු 09 වන දින ඔවුන් අතර ලිපි ද්‍රව්‍ය බෙදා දෙන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කුඩාකච්චකොඩිය ප්‍රාථමික පාසලේ පාසල් සිසුන්ට දිවා ආහාරය පිරිනමන ලද අතර 2026 මාර්තු 09 වන දින ඔවුන් අතර ලිපි ද්‍රව්‍ය බෙදා දෙන ලදී.