09 වන කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දක්වන ලදී.
09 වන කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය 2026 මාර්තු 12 සිට 14 දක්වා ඔරු පැදීමේ ස්ථානයේදී දිවයිනේ ප්‍රමුඛ කැනෝයිං සහ කයාකිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. ශූරතාවලියේදී ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දස්කම් වාර්තා කළ අතර විවිධ ඉසව් සඳහා පදක්කම් කිහිපයක් ලබා ගන්නා ලදී.
විවෘත කාන්තා අංශයේ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමස්ත ශූරියන් ලෙස ජයග්‍රහනය කරමින් රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගන්නා ලදී.
විවෘත කාන්තා කයාකිං ඉසව්වලදී නායක ගුවන් කාන්තා මධුශානි කේ.ඩබ්ලිව්.එන් K1 - මීටර් 200, මීටර් 500 සහ මීටර් 1000 ඉසව්වලින් රන් පදක්කම් ලබා ගන්නා ලදී. නායක ගුවන් කාන්තා ජයසේකර ආර්.එල්.එස්.ඩබ්ලිව් එම ඉසව්වලින්ම ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී. නායක ගුවන් කාන්තා මධුශානි කේ.ඩබ්ලිව්.එන් ශූරතාවලියේදී ‘හොඳම පැඩ්ලර්’ - ලෙසද විවෘත කාන්තා අංශයේ සම්මානයද දිනා ගන්නා ලදී.
විවෘත පිරිමි කැනෝයිං කාණ්ඩායමේ නායක ගුවන් භට සමරසිංහ එස්.ටී.පී.ආර්.එස් C1 - මීටර් 200, මීටර් 500 සහ මීටර් 1000 ඉසව්වලින් රන් පදක්කම් දිනා ගන්නා ලදී. නායක ගුවන් භට සමරසිංහ එස්.ටී.පී.ආර්.එස් ශූරතාවලියේ ‘හොඳම පෑඩ්ලර්’ - විවෘත පිරිමි අංශයේ සම්මානයද දිනා ගන්නා ලදී. වයස අවුරුදු 23 න් පහළ පිරිමි කැනෝයිං කාණ්ඩයේ නායක ගුවන් භට මිලින් කේ.කේ.එම් C1 - මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි.