ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 20 වන සංවත්සරය සමරයි.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2026 මාර්තු 18 වන දින සිය 20 වන සංවත්සරය උත්සව  සමරන ලදී. සැමරුම් ආරම්භ වූයේ මීගමුව කදිරාන ශ්‍රී ශෝභාරාමය විහාරස්ථානයේ පැවති ශ්‍රමදාන ව්‍යාපාරයකිනි. ඉන්පසු බලඝණයට සහ එහි කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම සඳහා ආගමික වැඩසටහනක් අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් උපුල් ධර්මපාල නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලදී.

සංවත්සර කටයුතු සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් ආරම්භ වූ අතර එය අණදෙන නිලධාරීතුමන් විසින් පරීක්ෂා කරන ලදී. අංශයේ අණදෙන නිලධාරීතුමන්, බලඝණ නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූ ක්‍රීඩා වැඩසටහනකින් දිනයේ සිදුවීම් අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි