ඉන්දීය-ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගී විය.
2026 මාර්තු 25 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දීය-ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී විය.

"නව අවස්ථා හඳුනා ගැනීම සහ නව බැඳීම් ඇති කර ගැනීම" යන තේමාව යටතේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් තුන්වන වරටත් සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදී.  ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

දේශනය අතරතුර ප්‍රධාන ආරාධිත අමුත්තා අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් ආරක්ෂක අවශ්‍යතා මත ගොඩනගා ඇති කල් පවතින ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ඉස්මතු කරන ලදී. ඉන්දියාවේ වේගයෙන් ඉදිරියට යන ආරක්ෂක නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා ලබා දෙන බව ඔහු සඳහන් කරන ලදී. විශ්වාසදායක පිරිවැය-ඵලදායී තාක්ෂණයන් වෙත ප්‍රවේශ වීම, පුහුණුව, තාක්‍ෂණ හුවමාරුව සහ ඒකාබද්ධ ව්‍යාපාර සඳහා ඇති අපේක්ෂාවන් සමඟින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සූදානම වැඩි දියුණු කළ හැකි අතරම දෙරට අතර දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කළ හැකිබව ප්‍රකාශ කරන ලදී.

මෙම සම්මන්ත්‍රණය සඳහා යුද හමුදාපතිවරුන් සහ නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්, කර්මාන්ත විශේෂඥයින් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි