ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය අතර ඒකාබද්ධ ගිනි නිවීමේ හා USAR පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2026 මාර්තු 23 සිට 27 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන පාසල හා ගිනි නිවීමේ රථ නඩත්තු බලඝණයෙහි මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය (MTNG) සමඟ ඒකාබද්ධව නාගරික සෙවීම් හා මුදාගැනීමේ (USAR) සහ ගිනි නිවීමේ විෂය කරුණු පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු වැඩසටහනක් සාර්ථකව පැවැත්වීය.
මෙම වැඩසටහන කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සමඟ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) යටතේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කර ඇති අතර, මානුෂීය ආධාර හා ආපදා සහන (HADR) හැකියාවන් වර්ධනය කිරීම සහ හදිසි ප්‍රතිචාර මෙහෙයුම්වල අන්තර් ආයතන සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණ ඇතිව සිදු කරන ලදී.
දින පහක කාලයක් පුරා පැවති මෙම වැඩසටහන තුළ දේශීය හා විදේශීය විශේෂඥයින් විසින් දේශන, සාකච්ඡා සහ ප්‍රායෝගික පුහුණු සැසි පවත්වන ලදී. ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයුම් භූමිකාවන් හා හැකියාවන් ඉදිරිපත් කරන ලද අතර වැඩසටහන තුළ හදිසි දර්ශන ප්‍රමාණ කිරීම, බලහත්කාරයෙන් ඇතුළුවීම හා සෙවීමේ ශිල්පීය ක්‍රම, ගිනි නිවන භූමි හයිඩ්‍රොලික විද්‍යාව, වාතාශ්‍රය ආදී ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරන ලදී. ඒ සමඟම ප්‍රායෝගික නිරූපණ සහ අභ්‍යාස මගින් සහභාගිවන්නන්ට සෘජු අත්දැකීම් ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන භටයින් විසින් ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ නිරූපණ පවත්වන අතර, කඹ ගලවා ගැනීමේ කණ්ඩායම සමඟ සිදු කළ ප්‍රායෝගික සැසි හරහා කඹ ගලවා ගැනීමේ ශිල්පීය ක්‍රම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී. එමෙන්ම ගුවන්තොටුපල ගලවා ගැනීම හා ගිනි නිවීම, ගිනි නිවීමේ විමර්ශන ක්‍රියාවලි සහ එක්සත් ජනපදයේ ගිනි නිවන දෙපාර්තමේන්තු කළමනාකරණ ක්‍රමවේද පිළිබඳව ද දැනුම බෙදාගැනිණි.
මෙම වැඩසටහනට ශ්‍රී ලංකා හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ මහ නගර සභා ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් සාමාජිකය්න 42 දෙනෙකු සහභාගී විය.
අවසානයේදී, අවස්ථා පාදක අභ්‍යාස මගින් සහභාගිවන්නන්ට තමන් ලබාගත් දැනුම හා කුසලතා ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.
සමාප්ති උත්සවය හා සහතික ප්‍රදානය 2026 මාර්තු 27 දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතා සහභාගී වූ අතර, සෙත් නෙවින්ස් මහතා, ගෲප් කැප්ටන් ප්‍රසන්න ජයවික්‍රම මහතා සහ වින්ග් කමාන්ඩර් නුවන් රන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.