ගුවන් හමුදා පලාලි කඳවුර ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 මාර්තු 27 දින පලාලි ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සිදු කරන ලදී.කඳවුරට පැමිණි ගුවන් හමුදාපතිතුමන්, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සුරංග සෙනෙවිරත්න මහතා විසින් චාරිත්‍රානුකූල පිළිගැනීමක් සිදු කරන ලදී.
පරීක්ෂණය අතරතුර, ගුවන් හමුදාපතිතුමා කඳවුරේ සියලුම අංශ නිරීක්ෂණය කළ අතර, ගුවන් භට ගුවන් කාන්තා භෝජනාගාරයෙදී සියලුම නිලයන් එක්ව දිවා ආහාරය සඳහා එක්වන ලදී
පරීක්ෂණය අවසන් කරමින් ගුවන් හමුදාපතිතුමන් විසින් කඳවුරේ උසස් ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා සියලුම සාමාජිකයින් විසින් ලබා දෙන දායකත්වය අගය කළේය. එමෙන්ම, වර්තමාන බලශක්ති අර්බුදයේ බලපෑම් අවම කිරීම සඳහා බලශක්ති සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, ගුවන් හමුදාවට සහ මාතෘ භූමියට උපරිම දායකත්වය ලබාදීමට සියලු දෙනා කැපවිය යුතු බවද ප්‍රකාශ කළේය.