ගුවන් හමුදා මඩකලපුව කඳවුර 43 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර 2026 මාර්තු 27 වන දින සිය 43 වන සංවත්සරය සමරනු ලැබීය. සැමරුම් උත්සවය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මලිත් රන්රජීවනගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී.
සැමරුම් උත්සවය සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් ආරම්භ කෙරුනු අතර, එය අණදෙන නිලධාරී විසින් සමාලෝචනය කරන ලදී.අනතුරුව සැමරුමට සමගාමීව කඳවුරු පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විය.