රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 08 ප්‍රවාහන බලඝණය සිය 30 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 08 ප්‍රවාහන බලඝණය ජාතියට ඉටු කළ විශිෂ්ට සේවාව හා කැපවීම සනිටුහන් කරමින් 2026 අප්‍රේල් 02 වන දින සිය 30 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.

1996 අප්‍රේල් 02 වන දින ජාතික ආරක්ෂක මෙහෙයුම්වල තීරණාත්මක අවධියකදී ආරම්භ කරන ලද මෙම බලඝණය, කාලයත් සමඟ ගුවන් හමුදාව තුළ ඉතා විශ්වාසදායක සහ උසස් කාර්යසාධනයක් දක්වන ප්‍රවාහන ඒකකයක් ලෙස වර්ධනය වී ඇත.

30 වන සංවත්සර සැමරුම් උත්සවය බලඝණ පරිශ්‍රයේදී අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් එර්ෂාඩ් මුතාලිෆ්ගේ 
ප්‍රධානත්වයෙන්  පවත්වන ලද අතර ගුවන් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියක් පවත්වන ලදී. සැහරමට සමගාමීව බලඝණයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් හා ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි