ගුවන් හමුදා දිගන ආපදා කළමනාකරණ පුහුණු පාසලේ ගුවන් හමුදාපති පරීක්ෂණය සාර්ථකව පැවැත්වේ
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 අප්‍රේල් 02 වන දින දිගන ගුවන් හමුදා ආපදා කළමනාකරණ පුහුණු පාසලේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සිදු කරන ලදී.

පුහුණු පාසලට පැමිණි ගුවන් හමුදාපතිවරයා අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ලක්මාල් ජයතිලක නිළධාරීතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර චාරිත්‍රානුකූල මාර්ගපෙළඛන්ඩ උත්තමාචාරයක්ද පිරිනමන ලදී.

පරීක්ෂණය අතරතුර, ගුවන් හමුදාපතිතුමන් පාසලේ අලුතින් ඉදිකරන ලද ප්‍රධාන ආරක්ෂක මැදිරිය විවෘත කළ අතර,  කඳවුරේ සියලු ප්‍රදේශ නිරීක්ෂණය කළේය. අනතුරුව ගුවන් භටයින්, ගුවන් කාන්තා භෝජනාගාරයේදී කඳවුරේ නිලධාරීන් සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ නියෝජිත පිරිසක් සමඟ දිවා ආහාරය ලබා ගැනීම සඳහා ගුවන් හමුදාපතිතුමන්  එක්විය.

ගුවන් හමුදාවට කළ විශිෂ්ට සේවාව අගයමින් පහත සඳහන් සේවා පුද්ගලයින් තිදෙනාට ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රශංසා පිරිනමන ලදී:

කෝප්‍රල් රොඩ්‍රිගෝ වී.එම්.සී (මෙහෙයුම් බිම් II)
කෝප්‍රල් ධර්මසේන බී.ඒ.පී.පී (ජල නල කාර්මික ශිල්පී III)
නායක ගුවන් භට රත්නායක වයි.එම්.ඒ.ජී.ඒ (වඩු කාර්මික ශිල්පී III)

ප්‍රශංසා ප්‍රදානයෙන් අනතුරුව, ගුවන් හමුදාපතිවරයා කඳවුරේ සියලුම නිලයන් අමතා, ගුවන් හමුදාව නවීන තාක්ෂණික ක්ෂේත්‍රයන් වෙත ඉදිරියට ගමන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. වසර අවසන් වන විට ඉහළ තාක්ෂණික ප්‍රමිතියක් ලබා ගැනීම සහ ගුවන් බලය තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, පවතින ගෝලීය ආරක්ෂක පරිසරය හා රට මුහුණ දෙන ආර්ථික සහ බලශක්ති අභියෝගයන් සැලකිල්ලට ගනිමින් මෙම උත්සාහයන් ක්‍රියාත්මක කරන බවද ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. පවතින සම්පත් භාවිතයේදී උපරිම වගකීමෙන් හා විචක්ෂණභාවයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම සියලුම කාර්ය මණ්ඩලයට මතක් කර දෙන ලදී.

අවසානයේදී, මෙම වාර්ෂික පරීක්ෂණය සාර්ථකව සංවිධානය කිරීම සඳහා අණදෙන නිලධාරීවරයා, අනෙකුත් නිලධාරීන් සහ සියලුම සේවා පුද්ගලයින් වෙත ගුවන් හමුදාපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි