කොළඹ මධ්‍යම බස් පර්යන්තයේ ප්‍රතිසංස්කරණයේ පළමු අදියර අවසන් අදියර ගුවන් හමුදාපතිතුමන්ගේ පරීක්ෂාවට
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 අප්‍රේල් 06 වන දින පිටකොටුව කොළඹ මධ්‍යම බස් පර්යන්තයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල පළමු අදියරේ අවසන් ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ සංචාරයක නිරත විය.

“Clean Sri Lanka” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ රට පුරා පාරිසරික පිරිසිදුකම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඉදිරියට ගෙන යනු ලබයි.

මෙම සංචාරය අතරතුර, ගුවන් හමුදාපතිවරයා ව්‍යාපෘතියේ පළමු අදියර පිළිබඳ සවිස්තරාත්මක පරීක්ෂණයක් සිදු කරමින් සංවර්ධන කටයුතුවල වර්තමාන ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ ගුණාත්මකභාවයද තක්සේරු කළේය.

පළමු අදියර යටතේ පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම, ස්නානය කිරීමේ පහසුකම් සහිත සංකීර්ණයක්, බාහිර බස් පෝලිම් ප්‍රදේශ සංවර්ධනය කිරීම සහ භූමි අලංකරණ වැඩිදියුණු කිරීම් ඇතුළත් වේ.

ඉදිරි සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් නවීකරණය කරන ලද මෙම පහසුකම් මහජනතාවට භාරදීමට පෙර එහි ප්‍රගතිය සහ සූදානම ඇගයීම මෙම නිරීක්ෂණ සංචාරයේ ප්‍රධාන අරමුණ විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි