ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ 41 වන සංවත්සරය සමරන ලදී.
2026 අප්‍රේල් 23 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුර ජාතියට කළ කීර්තිමත් සේවයේ වසර 41 ක් සනිටුහන් කරමින් කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීර විසින් නිරීක්ෂණය කරන ලද සාම්ප්‍රදායික වැඩ පෙළපාළියෙන් සැමරුම් ආරම්භ විය. පෙළපාළිය අමතමින් ඔහු රත්මලාන කඳවුරෙහි සේවය කළ සියලුම හිටපු කඳවුරු අණදෙන නිලධාරීන්ට මෙන්ම අනුප්‍රාප්තික පරම්පරා ගණනාවක සේවා නිලධාරීන්ට උපහාර දක්වමින් ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ කඳවුරේ සංවර්ධනයට වටිනා දායකත්වය ලබා දෙනලදී.

සංවත්සර වැඩසටහනේ අංගයක් ලෙස සාම්ප්‍රදායික ක්‍රීඩා සහ සංස්කෘතික රංගනයන් රැසකින් සමන්විත සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයක් සවස් වරුවේ පැවැත්විය. පවතින ජාතික තත්ත්වය සහ සේවා සාමාජිකයින් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් කඳවුරු දිනයට සමගාමීව අවුරුදු සැමරුම් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට තවදුරටත් වැදගත්කමක් එක් කරමින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ප්‍රජා සේවා මුලපිරීමක් ද පවත්වන ලදී. මෙම වැඩසටහන හරහා රත්මලානේ ශාන්ත ජෝසප් කම්කරු දේවස්ථානයට ආධාර ලබා දෙන ලදී. එහි කාර්ය මණ්ඩලය පිරිසිදු කිරීම, පින්තාරු කිරීම සහ පල්ලියේ පරිසරය වඩාත් ගෞරවනීය නැමදුම් ස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා සහාය විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඉතිහාසයට ගෞරව කිරීම සඳහා ද මෙම සැමරුම් උත්සවය දායක විය. 1985 අප්‍රේල් 23 වන දින එවකට ආරක්ෂක අමාත්‍යවරයා වූ දිවංගත ගරු ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් කඳවුර නිල වශයෙන් විවෘත කරන ලදී. මුලින් කඳවුරට අණ දුන්නේ වින්ග් කමාන්ඩර් සී.එන් තුඩුගල නිලධාරිතුමන් විසිනි එතැන් සිට එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන කඳවුරක් බවට පත්ව ඇති අතර එය ධාරිතාව, ශක්තිය සහ මෙහෙයුම් වැදගත්කම සැලකිය යුතු ලෙස දායකත්වයක් දක්වයි.

වර්තමානයේදී රත්මලාන ගුවන් හමුදා කඳවුර අංක 4 VVIP හෙලිකොප්ටර් බලඝණය, අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝණය සහ අංක 61 හෙලිකොප්ටර් පියාසැරිය ඇතුළු ප්‍රධාන පියාසර ඒකක කිහිපයක් මෙන්ම අංක 27 රෙජිමේන්තු අංශය, ගුවන් යානා ඉංජිනේරු සහායක අංශය, අංක 1 තොරතුරු තාක්ෂණ අංශය, අංක 2 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශය, ගුවන් තොටුපළ ඉදිකිරීම් අංශය සහ මූලික රෝහල ඇතුළු අත්‍යවශ්‍ය ආධාරක ඒකක කිහිපයක් සඳහා පහසුකම් සපයයි. රග්බි පිටියක් සහිත ක්‍රීඩා සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් සහ ස්කොෂ් පිටි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් සේවා ඉතිහාසයට කැප වූ කෞතුකාගාරයක් සහ අංක 2 විවේක හා විනෝදාස්වාද අංශය විසින් කළමනාකරණය කරනු ලබන බහුකාර්ය ශාලාවක් ඇතුළු පහසුකම් රාශියක් මෙම කඳවුර මඟින් පවත්වාගෙන යනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි