ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව වීරවිල ප්‍රදේශයේ දී ගුවන් හමුදාව විසින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, වීරවිල ගුවන් හමුදා කඳවුර සමඟ එක්ව 2026 අප්‍රේල් 28 සහ 29 යන දිනවල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් වැඩසටහනක් පවත්වන ලදී.

ගුවන් හමුදා සේවකයින්ගේ දෙමාපියන්ට සහාය වීම මෙම වැඩසටහනේ අරමුණ විය. අක්ෂි සත්කාරයේ සුදුසු ප්‍රමිතීන් සහතික කිරීම සඳහා සුදුසුකම් ලත් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ක්‍රියා පටිපාටි සිදු කරන ලදී. මෙම කණ්ඩායමට උපදේශක අක්ෂි වෛද්‍ය ගෲප් කැප්ටන් අභය ජයසේකර, වෛද්‍ය නිලධාරීන් වන ස්කොඩ්රන් ලීඩර් පී.බී.බී සේනාරත්න සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් එස්.ඒ.වයි ප්‍රභාෂ්වර යන නිලධාරින් ඇතුළත් විය.

දින දෙකක වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලය යන දෙපිරිසගේම සහාය ලැබුණු අතර ඔවුන් රෝගීන් සූදානම් කිරීම, ශල්‍යාගාර ශාලා ක්‍රියා පටිපාටි සහ පශ්චාත් ශල්‍යකර්ම සත්කාර සඳහා සහාය විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි