ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ පිහිටි ගුවන් යානා පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය 5 වන සංවත්සරය සමරයි.
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් යානා පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය(AR&DW) 2026 අප්‍රේල් 30 වන දින සිය 5 වන සංවත්සරය අභිමානයෙන් සමරන ලදී. ගුවන් හමුදාවේ ගුවන් යානා පර්යේෂණයේ පුරෝගාමී ආයතනය ලෙස ගුවන් යානා සහ ගුවන් විද්‍යාව ආශ්‍රිත පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් මාලාවක් හරහා ගුවන් හමුදාවට අඛණ්ඩ දායකත්වයක් ලබාදෙනු ලබයි. 

විවිධ විෂයයන්හි වෘත්තිකයන් අතර සහයෝගීතාවය සහ දැනුම බෙදා ගැනීම ප්‍රවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන මෙම අංශය, සංවිධානය මුහුණ දෙන වඩාත් තීරණාත්මක අභියෝග කිහිපයක් විසඳීම සඳහා නව්‍ය විසඳුම් ලබා දීම දිගටම සිදුකරගෙන යයි. මෑතකදී දේශීයව සංවර්ධනය කරන ලද විමාන S III නිරීක්ෂණ ඩ්‍රෝන යානා මෙහෙයුම් සහ පුහුණු ආශ්‍රිත යෙදවීම් සඳහා දිගන ගුවන් හමුදා ආපදා කළමනාකරණ පුහුණු පාසල සහ අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් යානා පක්ෂාංගයේ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියක් පවත්වන ලද අතර එය වත්මන් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඉජේෂේ චන්ද්‍රතිලක නිලධාරිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.

සමාජ වගකීම සඳහා වූ කැපවීමේ කොටසක් ලෙස, පක්ෂාංගය 2026 අප්‍රේල් 22 වන දින කළුතර මාක්ස්රි නිවාසයේ "ශ්‍රමදාන" ඇතුළත් ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එය පවත්වන ලදී. ඊට අමතරව, 2026 අප්‍රේල් 28 වන දින පක්ෂාංගයට සහ එහි සියලුම කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම සඳහා AR&DW හන්ගාර් පරිශ්‍රයේදී ආගමික උත්සවයක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි