6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ඇගයීමට ලක් කරන ලදී.
2026 දී චීනයේ පැවති ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී පදක්කම් ලබා ගනිමින් ජාතියට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් හමුදාව විසින් ඇගයීමට ලක් කරන ලදී. ගුවන් හමුදාපති සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 මැයි 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී විශේෂ උපහාර උත්සවයක් පවත්වන ලදී.
මල්ලවපොර, කබඩි සහ දුර පැනීමේ ක්‍රීඩාවන්හි ඔවුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ අගයමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෝප්‍රල් තනතුරට උසස් කරන ලදී. ඔවුන්ගේ කැපවීම සහ සාර්ථකත්වය අගයමින් ඔවුන්ට විශේෂ මුදල් සම්මාන ද හිමි විය. මෙම ජයග්‍රහණ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුහුණුකරුවන් විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය උත්සවයේදී තවදුරටත් ඇගයීමට ලක් කළ අතර ගුවන් හමුදාපතිතුමන් විසින් ඔවුන්ට විශේෂ මුදල් ත්‍යාග ද ප්‍රදානය කරන ලදී.
පදක්කම්ලාභීන් අතර කෝප්‍රල් ධර්මදාස එච්.පී.එන්.ඩබ්ලිව් මල්ලවපොර ක්‍රීඩාවෙන් රන් පදක්කමක් ලබා ගන්නා ලදී. කාන්තා කබඩි කණ්ඩායමෙන් කෝප්‍රල්වරුන් වන බණ්ඩාර ඩී.ජී.එච්.කේ සහ බණ්ඩාර එච්.ආර්.එස්.එස් රිදී පදක්කම් දිනා ගන්නා ලදී. පිරිමි කබඩි කණ්ඩායමේ කෝප්‍රල් සමරකෝන් එස්.එම්.සී.ආර් ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී. ඊට අමතරව කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් කෝප්‍රල් ලංකාතිලක ජී.අයි.එස් ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.