අපි වෙනුවෙන් අපි' නිවාස ව්‍යාපෘතියේ 6 වන අදියර
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතියේ 6 වන අදියර යටතේ අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශයන්හී සාදා නිමකල නිවාස 14ක් ජනාධිපති අතිගරු මහින්ද රාජ්පක්ෂ මැතිතුමා අතින් පසුගියදා රණවිරුවන්ට භාර දීම සිදුවිය.
මෙම උත්සවය ඔක්තෝබර් 17 වන දින අම්පාර, පියන්ගල දිවුලාන මහා විද්‍යාලයේදී පැවැත්වින. මෙම ව්‍යාපෘතිය ආරක්ෂක ලෙඛම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මැතිනියගේ අධීක්ෂණය යටතේ සිදුවිය.
මෙම අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා විසින් පියන්ගල පිහිටි සැරයන් ජයන්ත කේ.එම්.ආර්. නිවස විවෘත කිරීමද සිදුවිය.
නැගෙනහිර ආණඩුකාර රියර් අද්මිරාල් (විශ්‍රාමිකා) මොහාන් විජේවික්‍රම පිළිගැනීමේ කතාව සිදුකල අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දයාරත්න මැතිතුමාද සභාව අමතන ලදී. උත්සවයේ ප්‍රධාන කතාව ජනධිපති ලේඛම් ලලිත් වීරතුංග විසින් සිදු කල අතර ස්තූති කතාව සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්ත්තු මන්ත්‍රී රියර් අද්මිරාල් (විශ්‍රාමිකා) සරත් වීරසේකර විසිනි.
ඉන්පසුව ජනාධිපතිතුම විසින් අනෙක් නිවාස ලාභීන් 13 න හට නිවාස වල යතුරු ප්‍රධානය කිරීම සිදුවූ අතර ඔවුන්ගේ නිවාස වලට අවශ්‍ය උපකරණ සහ දරුවන්ට ත්‍යාග බෙදා දීමද මෙහිදී සිදුවිය. තවද පාසල් ශිෂ්‍යයින්ට අවශ්‍ය පාසැල් පොත්, සපත්තු, කෑම පෙට්ටි, පාසැල් බෑග් සහ අනෙකුත් අවශ්‍ය දෑ ප්‍රධානයද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභපතිනිය අයෝමා රජපක්ෂ මැතිනිය, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය සහ මැතිනිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක සහ මැතිනිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම සහ මැතිනිය මෙන්ම ත්‍රිවිධ හමුදා නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.